කිරිඉබ්බන්දෙණියේ දී හමුවූ මහරජතුමෙක්…

එදා සෙනසුරාදා දවසක්.
උදෙන් ම නාවල යන්න කියලා මම 176 බස් එකට නැග්ගා බොරැල්ලෙන්. බස් එක හිස්, දෙතුන් දෙනෙක්ට වඩා ඉඳගෙන හිටියෙ නැතිතරම්. කොහොමහරි මම දකුණු පැත්තෙ තිබ්බ සීට් එකක තමයි වාඩිවුණේ. ඉතින් බස් එක හිස්නං ඉක්මනට - වේගෙන් යනු බොරුනෙ. ඩ්රයිවර්ට වෙලායන එකගැන වගේ වගක් නැහැ. බස් එක තියාගෙන ඔහේ බලාගත්තු අත බලාගෙන [...]

මගේ “පියසටහන්” බලන්න ඔයත් නොවරදවා ම එන්න

මගේ ඇස ගිය තැන් වගේ ම හිත රැඳුනු තැනුත්, පිංතූරවලට රිංගවා ටිකක් වෙනස් විදියක වෙබ් අඩවියක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.
වෙබ් අඩවියේ ලිපිනය www.piyasatahan.com
දැනට අඩවිය සැකසුම් කටයුතුයි සිද්ද වෙන්නේ. තව ටික දිනකින් විවුර්ත කරනවා.
පුලුවන් වෙලාවට ඇවිත් මම ඉදිරිපත් කරන දේවල් බලලා, අදහසකුත් සටහන් කරලා යනවද?
මට ඒක ගොඩාක් වටිනවා.

“තනිකම” විවිධ පැතිවලින්

අමුතු ම අත්දැකීමක් නෙවෙයි අපි කාටත්, එහෙම නේද?
මම ගිය සතියේ නුවර ගිහින් හිටියෙ තනියම.
රෑ කෑම කාලා ටිකක් බැල්කනියට ඇවිත් ඈත කඳුවල පෙනෙන ලයිට් දිහා බලන් හිටියා. ඒ වෙලාවේ මගේ හිතට වගේම ගතටත් හරිම සැහැල්ලුවක් දැනුනා. ගෙදර ඉන්නකොට අම්මා එක්ක කතා කර කරමනෙ ඉතින් වැඩ කරන්නේ.
යම් තරමකට අඳුරු වෙච්ච වටපිටාවක නිසොල්මන්ව පුටුවක හාන්සි වෙලා ඉන්න ලැබුනම [...]

දින හැටෙන් සෑදූ ගුවන් පාලමක්…

බස් එක පෑළියගොඩ පිරිවෙණ පහුකරා විතරයි ටිකක් පාර පැත්තට බර කරලා ගහපු බෝඩ් එකක් දකින්න ලැබුණා.
හිතේ ඇතිවෙච්ච කුතුහලය නිසාම ටිකක් උනන්දුවෙන් ඔලුව හරවලා බෝඩ් එක කියවන්න ගත්තා. “ගුවන් පාලමක්” ගැනයි විස්තරේ. තවත් ටිකක් උනන්දුවෙන් කියවද්දී දුම්රිය හරස් පාර උඩින් ගුවන් පාලමක් හදන්න යන බව ඒකෙ ලියවිලා තිබුනා. ගුවන් පාලම් කතාව ටිකක් හුරුයිනෙ ඉතින් අපිට. දැනටමත් [...]