ආදරය ආත්මාර්ථය හා ඉරිසියාව දිටිමි
“සඟවා ගනුමැන ඔබැරුව සොඳුරියෙ අන්කෙනෙකුන් නෙත් රුවමත ගැටෙතැයි මාහද බියවී සැලී සැලී යයි.”
වික්ටර් රත්නායකයන්ගේ ගැයුමක මා දුටු ආදරය ආත්මාර්ථය හා ඉරිසියාව මිහිමත වෙසෙන ආදරවන්තයන් තුල තම ආදර වන්තිය කෙරෙහි ඇති නොමසුරු ආදරය හා ැපවීම විරාජමාන කරයි.
සල්ලාලයන් කාමාතූරයන් පිරි සමාජයක්තුල නිදහසේ සැරිසරන තම ආදරවන්තියව නිතැතින්ම සඟවාගැනීමට උත්සාහ දරන්නේ සත්තකින්ම ඔවුන් තුලවූ පරම පූජනීය ආදරයේ නාමයෙන්මදැයි වරෙක හැඟේ.
නැතහොත් එකදු දිනක් හෝ තම තුරුලේ සැඟවී සිටි තම ආදරය තවත් සැපදායක තුරුලක් සොයා යාවීදෝයි යන බිය ඔවුන් තුල සිරවී ඇති නිසාද?
කුමක් තිබුනද කෙසේ සිතුවද පරමාදර්ශී ආදරයක සීමාවක් හෝ මුහුදේ මාලුවන් වටා ගෙතුනු හුදු සැනසීමට පමනක් වෙන්වූ කියමනක සලකුණක්වත් සොයායාම මිරිඟුව පසුපස හඹායාමක් පමණක්මැයි මට සිතේ.
Filed under: ගීයක් දිටිමි










