ගීතයක ගුණාත්මකබව හා නව රැල්ල

කාලාන්තරයක් තිස්සේ අප රසවිඳි ගීත අදද නොමැකී පැවතීම පුදුමයක් නොවනුයේ ඒවායේ අරටු ශක්තිමත් බවේ අග පැමිණ තිබීම නිසා විය හැක.
එනමුදු මෙපමණ ශක්තිමත්වූයේ කෙලෙසදැයි යමෙකු සිතනවානම් එහිද පුදුමයක් නැත.
එකල රචනාවූ ගීත හුදෙක් එළිසමය ගැලපීම නිසාවෙන්ම ජන්මලාභය ලැබුවා විය නොහැකිය.
එදිනෙදා ජීවිතයේදී අත්විඳීමට සිදුවන රසබර සේම කටුක අවස්ථාද එකට කැටිකොට ඛිහිවූ ඒවාඛව එවන් අරුත්බර ගීතයනට සවන් යොමන ඕනෑම රසිකයෙකුට හැඟෙයි.

“ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
දුවපැන ඇවිදල සෙල්ලම්කරේ
ඈ සමඟින් එදා ඒ මා තමා
අද නැතුවා වගෙයි ඈ මේ ගමේ”
සිසිර සේනාරත්න සමඟින් ඉන්දාණී විජේබණ්ඞාර

පදමාලාව පමනක් නොව ඒ තුළ කැටිවූ සතුට සහ දුකද මනාව පිළිඹිඹු වන අවස්ථාවකි මෙය.
එනමුදු අද බිහිවන බොහෝමයක් ගීතවල අන්තර්ගතය සැලකීමේදී කෙනෙකුතුල කුකුසක් ඇතිවීමද වැලැක්විය නොහැක.
යමක්දෙස මැදිහත් සිතින් බලන බලයලත් කෙනෙකුන් හට මෙම නව රැල්ල වඩ වඩාත් අර්ථාන්විත වියයුතු බව හැඟේනම් අගනේය.

Leave a Reply