“හදරැඳි ඔබ රුව සිහිනෙකවත් නැත”

සිහිනයක් වනාහී යමෙකුගේ සිතේ ඇතිවන සිතුවිලි යම් ආකාරයකින් අවදි වන නිමේශයකැයි කිවතොත් ඔබ එකඟ වේවි. සිහිනද සුභ සහ නරක ලෙස ප්රභේද කීපයකට බෙදා වෙන්කර දැක්විය හැක.

සුභ සිහිනයක ගිලී අසමසම රසයක දැහැන්ගතවූ කල රාත්රිය ගෙවී උදෑසන උදානොවන්නේ නම් කෙතරම් අගනේදැයි සිතේ. භද්ර යව්වන වියේ පසුවන්නන් බොහෝවිට දකිණුයේ තම පෙම්බර විරුද්ධ ලිංගිකයා සමඟ සුවයෙන් ගත කරන නිමේෂයන් කීවොත් එහිද වරදක් නොපෙනේ. නමුත් සිහිනයක දරුණු පැත්ත යනු නිබඳවම භීතියක් සේම අසහනයක්ද දනවන්නකි.

මාගේ කල්පනාවට හසුවූ ගීතයක් ගැන යමක් ලීමට ඇතිවූ ආසාව නිසාම ඔබව සිහිනයක් ඔස්සේ යම් දුරක් රැගෙන ඒමට සිත්විය.

ආදරයෙන් පැරදුණු තැන ඇත්තේ වෛරයක් නම් එය කණ කොකා හැඬීමක් යැයි මා දිනෙක පැවසුවා ඔබට මතක ඇති. මෙම කල්පනාවට පාදක කරගත් ගීතය තුලද ආදරය විරලවත් වෛරය බහුලවත් පැවතීම, මාහට යමක් සටහන් කිරීමට පෙලඹවූ කාරණාවක් විය.

“හදරැඳි ඔබ රුව සිහිනෙකවත් නැත” කියා පෙම්වතෙක් පවසයිනම් එය සැබවින්ම වෛරයක්මැයි මටසිතේ.

තරුණයකු තරුණියකට පෙම්කරණුයේ අවංක ආදර සිතින් නම් ඔහුට ඇය නැතුවම බැරිවී යයි. නමුත් නොසෑහෙන විශ්වාසයක් අනෙකා කෙරෙහි තබා ඇතිකලෙක යම් ආකාරයකට එය පලුදුවූවොත් එතැන මුලින්ම ඇතිවනුයේ ශෝකයකි. පසුව එය වෛරයක්වී අවසන් විය හැක.

මෙම ගීතයට සවන් යොමන මට හැඟීයන්නේ අවංකව ආදරය කරන පෙම්වතෙක් හමුවේ වංකව ආදරය කර ඔහුව රැවටූ පෙම්වතියෙකුට අත්වූ සෝචනීය ඉරණමක් පිලිබඳවයි. කෙසේ නමුත් ආදරයේ අඳුරු පැත්ත කෙතරම් කටුකදැයි හැඟෙනුයේ එවන්වූ ඉරණමකට මුහුණදුන් අයෙකුටම පමණි. තම පෙම්බරියව සිහිනෙන්වත් දකින්නේ නැති පෙම්බරයින් ජීවත්වීම තරමක නුහුරක් ගෙන දුන්නද ජීවිතයේ එක් පැතිකඩක් එමඟින්ද නිරූපණය කරයි.

අවසාන වශයෙන් මා සිතන ආකාරයට අවබෝධයක් දෙදෙනෙකු අතර ඇති තාක් එකෙකුට අනිකා අවංකව ඉන්නතාක් මෙවන් අවාසනාවන්ත අවස්ථා ඔවුන් අතරට නොපැමිණෙනු ඇත.
මෙම ගීතය ගැයූ අමරසිරි පීරිස්වද මතක් කරණුයේ ගව්රවයෙනි.

හිතවත් සහුර්දය! මේ ගැන ඔබට හැඟෙන අදහස්ද ලියන්නේ නම් අගය කොට සලකමි.

Leave a Reply