“ඔබයි රම්ය සඳකිරණ ඝන අන්ධකාරේ”

ඊයේ මා විසින් සටහන් කල වෛරය පිලිබඳවූ සිතුවිලි ඔබට මතක ඇති. ඔබ යම්තාක් දුරකට ඒවා රසවිඳින්නට ඇතැයි විශ්වාස කරමි.
අද මට මඳකට ආදරය පිලිබඳව සටහන් කිරීමට සිත්වූ නිසාම ගුවන්විදුලියේ ඇසුණු ගීයක් පාදක කර ගතිමි.

“ඔබයි රම්ය සඳකිරණ ඝන අන්ධකාරේ,
ඔබයි සවුම්ය තරු එළිය ගිම්හාන කාලේ”

නන්දා මාලිනිය එසේ ගයද්දී මාහට හැඟුණු කාරණාව නම්, විටෙක ආදරයත් විටෙක විරහවත් යන දෙකම වැඩි වශයෙන් කතාවට ලක්ව ඇත්තේ රාත්රිය පාදක කරගෙන වීමයි. සූර්ය දෙව්රද දවස තිස්සේම තම බල පරාක්රමය කෙතරම් පෑවද, රාත්රිය උදාවත්ම නැගෙන සඳ කිරණ වැදී සෞම්ය වන්නා සේම,
තම සෙනෙහෙවන්තයා අති රම්ය වූද අති සෞම්ය වූද සඳකිරණක් සේ දකින ස්නේහවන්තියකගේ ආදරයේ විලාපය මෙතුලින් නිරූපණය වේ.

ආදරයේ රාගිකබව පසෙකලා උතුම්බව පසක් කොට එය අතැඹුලක් සේ ප්රේක්ශකයා හමුවේ තැබීමට ගත් උත්සාහය සාර්ථකවී ඇත.
ඝන අඳුර රජකරන නූතන ආදරයන් වලට යම් ආකාරයක සඳකිරණක් පතිතවූවා සේ හැඟේ.

සඳ එළියෙන් ලැබෙන ආලෝකයත් තරු එළියෙන් ලැබෙන සෞම්යත්වයත් යන ගුණයන් දෙකම තම සෙනෙහෙවන්තයාට උපමා කිරීම වෙන කිසිත් නොව උතුම් බවමය.

නන්දා මාලිනිය තමා ගයන ගීතය හුදෙක් පදකීපයකට සීමා නොකර හැඟීම්බරව ගායනා කිරීම තුලින් රසිකයා සුවපත් කරණුයේ තමාවද සනහාලමිණි.

මෙවන් සුරම්ය ගීත රසවිඳ සුවපත් විය හැකි නම්, ඔබ නිතැතින්ම ආදරණීය හදවතක් ඇත්තෙක්  ම වන්නේය.

Leave a Reply