Posted on April 27, 2008 by සමබර
උදෙන්ම “කර කර” ගාලා ඇහෙන සද්දයක් නිසා මාව එකපාරටම ඇහැරුනා. නිදිමත තවමත් මගෙන් ගිලිහී නොතිබුනු නිසාද කොහෙද ඒ සද්දය හරියටම හඳුනාගන්න එක ටිකක් අපහසු වුනා. කොහොමහරි මඳක් ඕනෑකමින් අහනකොට මට තේරුනා මේ සද්දේ එන්නේ රේඩියෝ එකෙන් කියලා. බැලින්නම් අම්මා උදෙන්ම නැගිටලා රේඩියෝ එක සුසර කරනවා පිරිත් අහන්න හිතාගෙන. අපිට තියෙන රේඩියෝ එක ටිකක් ලොකු කැසට් [...]
Filed under: අල්ප කල්පනා, කාලීන කල්පනා, විචාර | 1 Comment »
Posted on April 26, 2008 by සමබර
මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා සුභ පතන ගමන්ම, ආයෙත් ඉස්සර වගේම මගේ කල්පනා ලියන්න පටන්ගන්නවා. මට මැරතන් එකට සහභාගී වෙන්න බැරිවුන එක ගැන දුක්වෙනවා. අපේ අනිත් සහෝදර සහෝදරියන් නොනවත්වාම තරඟ කරපු හැටිනම් හරිම අගෙයි.
මලින්ත, ආනන්ද, බෝධිනී, ඔවිනි, සුපුන්, වරුණ, බුද්දික, කාලිංග වගේම අපේ ගණිත බ්ලොග් එකත් හරිම ෂෝක් එකට දුවලා තියෙනවා. මට හරිම [...]
Filed under: ආරම්භය, කාලීන කල්පනා, විචාර | 2 Comments »
Posted on April 19, 2008 by සමබර
නිරුවත්ව ඉපදි දෙපයෙන් නෑගී සිට ලෝකය මෙය කියා හදුනා ගත් පසු ආගන්තුක ලෙස හමා ආ ආදර සුලගකට හසුවූ සමනලියක් යන එන පාර අමතක උනා කියලා ඔයාට කිව්වොත් එක පිලිගන්න.
ඔයාව වගේම මාවත් දවසක හසුවන සුළඟක් තියෙනවනම් ඒ ආදර සුළඟ තමයි ඉතින්. ආදරය හදවතට දැනෙන වෙලාවක කියාගන්න බැරිතරමේ මහා අපූරු බවක් හදතුල දඟලන එක මහා ලොකු දෙයක් [...]
Filed under: ආරම්භය, හමුවීම් | No Comments »
Posted on April 14, 2008 by සමබර
ඔන්න ඉතිං අදට දවසේ වැඩ ඉවරයි. දැන් ලියන වෙලාව. අද දවසත් ඔට්ටු වුනේ කෑම පිඟන් සෙල්ලමටම තමයි.
මේ දවස්වල නිතරම වගේ ප්රචාරය වෙන වෙළඳ දැන්වීමක් ගැන පොඩි සටහනක් කරන්න ඕන කියලා හිතුනා.
සටහනට පිවිසෙන්නට ඉස්සරවෙලා පොඩි හැඳින්වීමක් කරන්නම්.
පොඩි දරුවන් කියන්නේ ඉතින් මල්වගේ අය කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් පොඩිත්තන් වෙළඳ දැන්වීම් වලට වැඩි වැඩියෙන් යොදා [...]
Filed under: කාලීන කල්පනා, විචාර | No Comments »