සඳකැන් වැසුනු රාත්රියක හදවතට ගී ගැයූ සොඳුරුතමයා

සොඳුරු ස්වභාවික ගීතාවලියක් ගැන අපි කතාකරන වෙලාවක මතක් නොකරම බැරි සංගීතවේදියෙකු ගැනයි මේ සටහන.

සඳකැන් වැසී අඳුරේ එතුණු රාත්රියක්, ගීයක ඇති සොබා සුන්දරත්වය නැමැති පහන් එලියෙන් එකලු කරනට සමත් ඔහු, මා වඩාත් ම ඇලුම් කරන සංගීත වේදියාද වෙයි.

පුරා පන්සාලිස් වසරක සංගීත දිවිය සම්පූර්ණ කල ඔහු නමින් වික්ටර් රත්නායකයන් ය.

ආදරයේ ඇති අපට නොපෙනෙන නොහැඟෙන තරමේ සියුම් වගේම ඉතාමත් ලෙන්ගතු පැති නිරුවත් කිරීමට ඔහු ගැයූ ගී අපමනයි. ඉතාමත් විරල සියුම් සංගීතාත්මක ස්වරයකින් පරිපූර්ණ වූ ඔහු ගැයූ ගීත, මෙරට සේම පිටරට ද සිංහල සිත් සනහාලනට සමත්ව ඇතිබව රහසක් නොවේ.

ජීවිතයේ ඇතිවෙන වේදනාව, විරහව, ආදරය, සතුට කියන මෙකී නොකී හැම පරාසයක් ඔස්සේම තම ගීත පතුරුවමින් මඳක් ලබැඳි වුනු වෙනස් තමන්ටම ආවේනික ශෛලියකට ඔහු ගයන ගීත හරිම අපූරුයි. සිංහල ගී අරඹේ වැඩිම බොදු ගී ප්රමාණයක් ගායනා කරමින් පහන් සිත් සනහාලනට පිරිත් පැන් ඉසූ ඔහු සැබවින් ම මහා සංගීතවේදියෙක්.

“වික්ටර්” ඔබ ගැයූ ගීතයක රසයට ඇලුම් කිරීමට ලැබීම පවා, මම ජීවිතයේ ලබපු මහා භාග්යයක් ලෙසින් නිතැතින් ම හැඟේ.
ඔබට තව තවත් සංගීත දිවියේ ආයුෂ විඳීමට ලැබේවා කියා මම සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය හා එක්ව සුභ පතමි.

ඔබගේ පූර්විකාව උපුටා දක්වනුයේ ඉතාමත් ම සොම්නසකිණි.

පුරා පන්සාලිස් වසරක් තිස්සේ මගේ පහන් ටැඹ වූයේ ඔබයි.
බොහෝ දුර සැරිසරනට මගකියන තරුඑළිය වූයේ ඔබයි.
ගිමන් නිවන්නට අවැසි කළ සිහිල් පැන් බිඳක් දෙතොල් මත තැබූ සොඳුරු නවාතැන්පොළ ඔබයි.
මා අතින් නිමවූ හැම ගීයකම රැයේ රහසින් කොඳුරා කියූ සොඳුරු තනුවද ඔබයි.

ඉදින් පන්සාලිස් වසරකට පසු
ඔබ මා වෙනුවෙන් තැනූ
මේ ආලකමන්දාවට නැගී
මට ඔබව අමතන්න – ඉඩ දෙන්න
මා ඔබම මිස මා, මා නම් නොවේ

මා හැමදාම ප්රේම කළ තාරුණ්යයට
“ගැහැනු ළමයිනේ ප්රේම ගීතාවලිය”
තුටු පඬුරක්ම වේවා
හද ගැහෙන හැම තත්පරයකම
ඔබේ සිත ප්රේමයෙන් පිරේවා
සැබවින්ම, ඔබ
උප’නුපන් ජාති හමුවේවා!

වික්ටර් රත්නායක

One Response

  1. සමර, වික්ටර් රත්නායකයන් ගැන ඔබ ලියූ මේ සටහන අගෙයි. ඔහුගේ ගීත අතර මමත් ආසාවෙන් වැළඳගත් ගීත බොහෝමයක් තිබෙනවා. එවැනි ගායකයන් අද බිහි වෙන්නේම නැති තරම්,

Leave a Reply