නිරුවත්ව ඉපදි දෙපයෙන් නෑගී සිට ලෝකය මෙය කියා හදුනා ගත් පසු ආගන්තුක ලෙස හමා ආ ආදර සුලගකට හසුවූ සමනලියක් යන එන පාර අමතක උනා කියලා ඔයාට කිව්වොත් එක පිලිගන්න.
ඔයාව වගේම මාවත් දවසක හසුවන සුළඟක් තියෙනවනම් ඒ ආදර සුළඟ තමයි ඉතින්. ආදරය හදවතට දැනෙන වෙලාවක කියාගන්න බැරිතරමේ මහා අපූරු බවක් හදතුල දඟලන එක මහා ලොකු දෙයක් නෙවෙයි.
දෙන්නෙක් විවාහ වෙනවා කියන්නේ එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූ ජීවයන් දෙකක් එක තැනක කොටු කරනවා වගේ දෙයක් නේ. පොඩිකාලෙදි දරැවෙක් උපදිනකොට හයක් හතරක් නොදැන උපදින නිසා ආදරය කියලා මුලින්ම අත්විඳින්නේ අම්මාගෙන් තමයි.
ඒත් අපි මඳකට හිතුවොත් මට හිමි කුමරා නැත්තම් මට හිමි කුමරිය දැන් මේ ලෝකෙ කොතැනක හෝ ඉපදී ඇතියි කියා. ඒක හරිම පුදුම දෙයක් නේද? ඔයාට පොඩි හිනාවක් ගියා නේද?
ආදරය දෙතැනක සිරවී සිට හමුවූ දවසක එකෙක් අනිකාට හරිම හුරු ගතියක් දැනෙනවා නේද? ඒ ආත්මගත පුරුද්ද කිව්වොත් හරි නේද? ඔය විදියට අහම්බෙන් තමන් හොයන ආදරය හමු වුනහම දැනෙන්නේ කොයිවගේ හැඟීමක් වුනත් ඒක හරිම සුන්දර හැඟීමක් කියන එකනං ශුවර්.



ආදරය එදත්, අදත්,හෙටටත් මිහිපිට සෑම සත්වයකුටම අවශ්‍ය දෙයක්, දැනෙන දෙයක්. මිනිස් සමාජය තුළ එය ගොඩාක් දැනෙනවා. ගොඩාක්…
එකයි කියන්නේ ආදරය දැනුන හදවතක් වියලි පරඩැල් පතටත්
ආදරය කරනව කියලා. ආදරය ගැන කොච්චර අහල ා තිබුණත්, කියවලා තිබුණත් ආදරය දැනෙන කල් එකේ චමත්කාරය දැනෙන්නේ නෑ. දැනුණු තැන එය අපූර්වයි, සෞන්ධර්යාත්මකයි.
අාදරය සුදු පිරුවටක් වගේ පරිහරනයේදී ප්‍රවේශම් විය යුතුයි. පුංචි පැල්ලමක් ඇතිව පසුව එය මැකුනද ඒ පැල්ලමේ සේයාව නොමැකී මතු මතුවට මතුවන්නට ඉඩ බොහොය.
ආදරයට මිත්‍රත්වය එක්වුණු තැන බොහෝදෙනා ඇත්තට ආදරට විදියි.