රජෙක් ලියන බ්ලොග් “රජ බ්ලොග්”?
ඔන්න ඔරලෝසුවේ උදේ 5 කණිසම වැදුනා. අඩ නින්දේ යන්තමින් ඇහුන නිසාම, හීනයකම කොටසක් වෙන්න ඇති කියලා එහෙන්ම ම නිදා ගත්තා. කොහොමහරි ඊළඟ සැරේ ඇහැරෙනකොට 6යි වෙලාව. දඩි බිඩි ගාලා නැගිටලා කට හෝදලා දත් මදින්න ගත්තා විතරයි රේඩියෝ එකේ ප්රවෘත්ති කියනවා. ඒකටත් කනක් දාගෙනම දත් මදිනවා. ඉතින් උදෙන්ම ඔෆිස් යන්නත් එපැයි.
ඔයවිදිහට ප්රවෘත්ති එක දිගටම කියාගෙන කියාගෙන යන අතරේ, හොඳට අහලා පුරුදු කෙනෙක් ගැනත් ප්රවෘත්තියක් කියනවා ඇහිලා, දත්මදින එක නවත්තලා ටිකක් කන්දෙන්න පටන්ගත්තා. ඒ ප්රවෘත්තියේ හැටියට ඒ පුද්ගලයා ලංකාවට එන එකක් ගැන තමයි කියන්නේ. ටිකක් හොඳින් අහලම දැන් ප්රවෘත්තිය පැහැදිලියි.
කව්ද දන්නවද මේ අහල පුරුදු කෙනා. හොඳයි ඔයා හිතන්න බලන්න. තව හිතන්න. හරි මම එක පාරටම නම නොකියා පොඩි හැඳින්වීමක් දෙන්නම් පුද්ගලයා ගැන.
බ්ලොග් ලියන එක සැරටම කරන කෙනෙක් තමයි. සමහර රටවල් වලට ඕනම කරලා තියන කෙනෙක් කිව්වොත් යම්දුරකට නිවැරදියි. සරල ජීවිතයක් ප්රිය කරන එඩිතර පුද්ගලයෙක් තමයි. හොයා ගත්තද කවුද කියලා. හරි බැරිවුනානම් මම ම කියන්නම්කො. ඒ වෙනකෙනෙක් නෙවෙයි ලෝකෙම කතාබහට ලක් වෙච්ච ඉරාන ජනාධිපතිතුමා තමයි.
අපේ ජනාධිපතිතුමාගේ ආරාධනයකින් එතුමා අපේ රටට එනවා කියලා තමයි ඒ ප්රවෘත්තියේ සඳහන් වුණේ. ඇත්තටම රාජ්යනායකයකු විදිහට වඩා මම එතුමාව දකින්නේ හොඳ බ්ලොක් කරුවකු විදිහට. තමන්ගේ අදහස් සහ සිතුවිලි කැටිකොටගෙන නිදහස් බ්ලොග් අඩවියක් එතුමා පවත්වගෙන යනවා. මම එතුමා ගැන හොයන්න පටන්ගත්තේ අද ඊයෙක නෙවෙයි. මුලින්ම එතුමා ගැන මට කියවන්න ලැබුනේ ඊමේල් එකකින්. ඒ මේල් එකේ එතුමාව හරි චාම්, අල්පේච්ඡ විදිහට තමයි විස්තර කරලා තිබුනේ.
ඉතින් මම ගූගල් සර්ච් එකක් දැම්මා කව්ද මේකෙනා කියලා හොයලා බලන්න. ඒ වෙලාවේ තමයි එතුමා Mahmoud Ahmadinejad කියලා මම දැනගත්තේ. ඉතින් ඔයවිදිහට හොයාගෙන හොයාගෙන යන මට රජ බ්ලොග් එක හමුවුනා. ඒකත් කියවන්න පටන්ගත්තා. එතුමා අමුතු අදහස් තියෙන කෙනෙක් කියලා බ්ලොග් එක බැලුවම පැහැදිලි වෙන කරුණක්.
කොහොමහරි එතුමා ඉතාමත් උණුසුම්ව පිලිගන්න ලංකාව සරසලා තිබුණා. අපේ රටට බොරතෙල් සපයන්නන් අතර අංක එකේ ඉන්න රටක නායකයෙක් අපේ රටට ආපුඑක, යම් දුරකට සොම්නසකට කාරණයක් නේද? රජෙක් ඇවිත් රජෙක් ගියාට වඩා ඔහු තුලින් දකින්නට තිබුනේ නිහතමානී ගති ඇත්තෙක් ඇවිත් ගිය විලාසයක් කිව්වොත් ඔයත් එකඟ වෙයි. අපේ රටේ සංවර්ධනයට රුකුලක් දෙනගමන් ම, ප්රධාන ආගම් වලට, ඒ නායකයන්ට ඔහු දක්වපු ගරුකිරීම හරිම අගෙයි. කොහොමහරි රජෙක් බ්ලොග් ලිව්වොත් ඒවා “රජ බ්ලොග්” වෙනව නේද?
Filed under: අල්ප කල්පනා, ආධාර උපකාර, කාලීන කල්පනා, විචාර, හමුවීම්











I think he is a decent guy just intentionally misrepresented by western media.
මම ඔය බ්ලොග් එක කියෙව්වා… ඇත්තටම සතුටුයි රටක ජනාධිපති කෙනෙක් මේවගේ දේකට කාලය යොදවන එක ගැන. දැක්ක විදියට සතියකට විනාඩි 15ක් කිය තිබුනේ. ඇයි මේ අපේ අයට මේක බැරි ?
අපේ අමන දේශපාලුවන්ට කඔහෙන්ද ඕව ලියන්න දැනුමක්. හොරකම් කරන එකයි , ගෑනු එක්ක බුදියන එකයි ඇර
අහමදි නෙජාඩි කියන්නේ මමත් ගොඩක් ප්‍රිය කරන රාජ්‍ය නායකයින් කීප දෙනාගෙන් කෙනෙක්. ඇමරිකාවේ ගෙරවිලි වලට බිය නොවී තමන්ගේ රටේ සහ ජනතාවගේ අයිතිය වෙනුවෙන් නොබියව සටන් වදින ගතිය නිසා තමයි මම කැමති. අනික ඉරාකයේ හිටපු ජනාධිපති සදාම වගේ මුග්ධ සහ මෝඩ විදියට ක්‍රියා නොකරන නිසා.
ඔහු අන්‍යආගමිකයෙක් උනත් බුදුදහමේ දැක්වෙන දසරාජ ධර්මයන්ගෙන් බොහෝ ප්‍රමාණයක් අනුගමනය කරන නායකයෙක් බවයි මගේ හැඟීම. ඒ අතරින් ඍජු බව කැපී පෙනෙනවා.
ඔහු බ්ලොග් ලියන බවක් මම දැනගෙන හිටියේ නෑ… ඒ ගැන දැන ගැනීමට සැලැස්වීම ගැන ගොඩක් ස්තුතියි.
(අහමදි නෙජාඩ් ගේ ඇමරිකන් විරෝධී ඍජුබවට මම කැමති උනත් මම ඇමරිකන් විරෝධියෙක් නෙමෙයි. හැබැයි මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි. ලංකාවේ වාතාවරණය සැලකීමේදී ඇමරිකාව මිත්‍රයෙකු ලෙස තබාගත යුතු බවයි මගේ අදහස)
ඉරානේ ජනාදිපති බ්ලොග් ලීවාට, උන්දැගේ රටේ කටක් ඇරලා කතාකීරිමේ ඇති නිදහසක් නැත. ඉන්ටර්නෙට් එකටත් කඩුල්ල දාලා තියෙන රටක් නොවැ. නලල පේනසේ ඇදුම් ඇන්දාය කියා, තරුණ ගැනු ලමයි කුදලාගෙන ගොස් හිරේ දැම්මේ ගිය වසරේය. උන්දැ බ්ලොග් කරුවෙකුනම්, තෙල් බෙහෙත් නොගහා, කුබුරුකල පොල්පොට් බොහොම හොද පරිසර හිතකාමියෙකි.
මටනම්, ඒ අතින් අපේ ජනාදිපති උන්දැලා රටක් වටී.
මෙතුමා බ්ලොග් එකක් ලියනවා කියලා දැනගත්තෙ දැනුයි. කලින් අහලා දැකලා තිබුණත්, අවධානයෙන් බැලුවේ ඊයේ තමයි. රූපවාහිනියේ දැකපු වෙලාවේ ඉඳන් ලොකු පැහැදීමක් ඇතිවුණා. මට නම් පේන්නෙ බොහොම නිහතමානි පුද්ගලයෙක් වගේ තමයි.
සෑම්, ඇමරිකානුගැති මාධ්‍යා කියන හැම දෙයක්ම ගෙඩිය පිටින් ගිලින්න එපා, ඕවා කැරට් අල. හාවන්ට පංකාදුයි.
ඉරානය ගැන දැන ගැනුමට ඇමරිකාවේ මාධ්‍ය උවමනා නැත. රටේ නීතිය කියවීමෙන් රට ගැන අගේට දැන ගත හැක.
නීතිය නොව සිද්ධිය දැනගත්තේ කාගෙන්ද? ඉරාන පුවත්පතකින්ද?
ඔහේ,
අන්තවාදය යන වචනය ටිකක් හදාරා බලන්න. ඒ රටවල මූලික අයිතිවාසිකම් කඩ වන ආකාරය වටහා ගන්න පුලුවනි එතකොට
guantanamo යනු කුමක්දැයි දන්නේද?
කව්රු කව්රුත් අපේ රටට එන්නේ සැබෑ ආදරයකට නම් නොවේ.
ඔවුන්ගේ වෙනත් අරමුණු තියෙනවා. ඉංදියාවටද විශාල වශයෙන් ඉරානුවන් සංක්‍රමණය වි ඇති අතර බොහෝ පිරිස් පුරවැසි භැවය දක්වා දුර ගිහින්.
කොටින්ම අසැල්වැසි ඉංදියාවත් අපත් සමඟ දැඩි මිතුදමක් නැ. ඇයි ඔවුන් යුධ ආධාර නොදුන්නේ. ඔවුන්ට දැවන අවශ්‍ය ශ්‍රි ලංකා රජය සහ ප්‍රභැකරන් යන දෙදෙනාම එකසේ මිතු දමින් තබා ගැනීම. එයාලා ආදරේ ලංකාවේ තෙල් හා අනිකුත් සම්පත් වලට.
අපේ රටෙන් සොයාගන්න තෙල් වලින් මුල් වසර 10 තුළ 50% ඔවුන්ට.
අදින්න පුළුවන් උපරිම තෙල් අදිවි.
නමුත් වෙනත් රටවල රාජ්‍ය නායකයින්ගේ හොඳ දේ නම් අපේ අය ගත යුතුමයි. ඉරානය, කියුබාව ඇමරිකාවට නොසැලි ප්‍රථිචාර දැක්වීම ඉතා වැදගත්. අනෙක් රට රුසියාව.
කතාව ඇත්ත. උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියන කියමන සිහි තබාගෙන කටයුතු කිරීම තමා ඇඟට ගුණ.