ජීවිතයේ තවත් සැතපුම් කණුවක්….
අඩ නින්දේ පසුවුන මට කව්දෝ ඔලුව අතගානවා වගේ දැනුණා. ටිකක් වෙලා ගිහින් පියවි සිහියට ඇවිත් එකපාරටම බලද්දී අම්මා මගේ ඔලුව අතගානවා.
එකපාරටම මොකද කාරණය කියලා කියන්න පුලුවන්ද? මම හිතනවා ඔයාගේ අනුමානය හරි. අද මගේ උපන්දිනය නිසා තමයි අම්මා “මගේ පුතාට තුරුණුවන්ගේ පිහිටයි” කියලා ඔලුව අතගෑවේ. වෙනදට වඩා ටිකක් උදෙන්ම තමයි අම්මා මාව නැගිට්ටෙව්වේ. ඉතින් ආපහු නින්දට නොගිහිං නැගිට්ට වෙලාවේ එහෙමම නැගිටගත්තා.
පස්සේ මගේ මොබයිල් ෆෝන්එක අතට අරගෙන බැලුවා “මැසේජස්” එහෙම ඇවිල්ලද කියලා. බැලින්නං තියෙනවා නේන්නං.
මගේ නෑනන්ඩි උදෙන්ම මට text කරලා තිබුනා මාතලේ ඉඳන්. මගේ ඔෆිස්එකේ යාලුවොත් සුභ පතලා හරි හරියට. මට හරිම සතුටක් දැනුණා හිතට. සතුට හිතේ තුරුලු කරන්ම ඔෆිස් එකට ගොඩවුණා විතරයි කට්ටියම මාව වටකරගෙන සුභ පතන්න පටන් ගත්තා. මගේ කැබින් එක වනසලා. කාඩ්වලින් පුරෝලා තිබුනා. ඉතින් මට හරිම සතුටුයි.
දවස් දෙක තුන එකතු වෙවී ජීවිතය ටිකෙන් ටික ගෙවිලා යනවා. කාලේ යන වේගය, දවස් ගතවෙන වේගය ගැන හිතනකොට මගේ හිතේ ඇතිවෙන්නේ මේ විදියේ අදහසක්.
ලෝකේ වෙගෙන් කැරකෙනවද නැත්තං අපි busy ද කියන එක.
Filed under: අම්මා වූ කලි, කාලීන කල්පනා











සුභම සුභ උපන්දිනයක් වේවා!!
Happy B’day..!!
හිතේ සැනසුම සතුට රජයන සුභ උපන්දිනකට ආසිරි..
මට සුබ පතන, මාව දිරිමත් කරන, මම ලියනදේ කියවන හැමකෙනෙකුටම මගේ ප්රණාමය.
සුබ උපන් දිනයක් වේවා. හමු වෙලා කතා බහ කරල නැතත් බ්ලොග් අවකාශය හරහා මිතුරකු වුන ඔබට හදවතින්ම ජය පතනවා.
සුබ උපන් දිනයක් වේවා!! සැමදා යහගුණ වැඩේවා!