කළාපයකදී දුටු ආමිස පූජාව

කළාපයක් කිව්වහම ඉතින් අපිට නුහුරු වචනයක් නෙවෙයිනේ. විවුර්ත ආර්ථිකයත් එක්කම, නිදහස් වෙළඳකළාප බිහිවුනේ අපි පුංචි කාලෙදිමයි. නිදහස් වෙළඳ ප්රතිපත්තියට පස්සේ ලංකාවට ගාමන්ට් සංස්කෘතියේ ආබාසය ලැබුනේ, ගම්වල හිටපු තරුණ තරුණියන්ට රැකියා දොරටු විවෘත්ත කරන ගමන්මයි. පස්සේ ඒතුලින් හොඳ වගේම නරකකුත් සිදුවුණා කිව්වොත් ඔයා මං එක්ක එකඟවෙයි.

ඒ දේවල් කොහොම වුනත් මම දැන් කියන්න යන්නේ වෙළඳ කළාපයක් ගැනනං නෙවෙයි. අවුරුදු කීපයක්ම එකදිගට තැන්තැන්වල තිබුන මේ කළාප මෙදාපාර ටිකක් සැරටම ලංකාවේ නගර බොහෝමයක් ආවරණය වෙන විදිහට සංවිධානය කරලා. ඔයා මෙලහකටත් මේ මොන කළාපද කියල දන්නව ඇති. රේඩියෝ අහනවනං ශුවර් එකටම දන්නවා. මේ කළාපය තමයි “වෙසක් කළාපය”.

මුලින්ම මම වෙසක්කළාප කියල ඇහුවම හිතුවේ සඟරාවක කලාපයක් වගේ දෙයක් කියලා. ඇත්තටම මට එකපාරටම මේ කළාප කතාව තේරුණේ නැහැ. මම බැලුව බෞද්ධාලෝක වෙසක් කළාපය, ගංගාරාම වෙසක් කළාපය කිව්වම මොකක්හරි වෙසක් උත්සවය නිමිත්තෙන් කරන පලකිරීමක් කියලා. එහෙම හිතාගෙන ඉන්නකොට මෙන්න බොලේ වෙසක් තොරණ් ඉදිකරනවලු වෙසක් කළාපයේ. එතකොට මට තේරුණා මේ කියන්නේ මම හිතපු විදිහේ කළාපයක් නොවන බව.

ඔයා හිතනව ඇති මගේ අතිශෝක්තියක් තමයි මේ කතාව කියලා. නැහැ ඇත්තටම මගේ හිතේ තිබුනේ වැරදි වැටහීමක්.

එතකොට තමයි මට තේරුණේ මේ කියන්නේ කළාපය නැත්තං “Zone” කියන එක කියලා. මීට කලින් මම කිව්ව විදිහේ සුවිශේෂ නගර කීපයකට තමයි මේ වෙසක් කළාප සංකල්පය වියාප්ත වෙලා තිබුනේ. ඒත් මෙදාපාර වෙසක් උත්සවය සමරන්න නං, හැම ප්රධාන නගරයකම වගේ වෙසක් කළාපය ගානේ සංවිධානය කරලා තියෙනවා කියලයි ආරංචි වුණේ. මම දකින විදිහට මේ සංකල්පය හොඳ සංකල්පයක්. එක පැත්තකින් යම් සාමූහිකබවක් පෙනෙන අතරෙම, ක්රමාණුකූල උද්යෝගී බවකුත් හැම කෙනෙක් තුලම වර්ධනය වෙලා තියෙනවා.

හැබැයි මේකෙ අනිත් පැත්ත තමයි අපේ මිනිස්සුන්ට මේ තෑගි දෙනවා කියන පොරොන්දුව පිට වැඩකරවගන්න එක. කොතන ගියත් මොන චැනලයක් ඇහුවත්, බැලුවත් අපිට අහන්න දකින්න ලැබෙන්නේ තෑගිදෙන සිස්ටම් වලට විවිද වැඩ කරගන්න අවස්ථා.
මේ වෙසක් කළාපය හරිම කාලෝචිත හරිම අර්ථවත් අනර්ඝ වැඩපිලිවෙලක් තමයි, ඒත් පහන් කූඩු තරඟ මුදලාලිකරණය වෙලා තියනවා දැක්කම නං ඇතිවෙන්නේ මඳකට කළකිරීමක්.

අපි පොඩිකාලෙත් තරඟවලට කූඩු හැදුවා. එහෙම හදලා තරඟෙන් දිනපුවහම ලැබුනේ පාසැල්පොත්මිටියක් වගේ දෙයක් තමයි. ඒත් මට අහන්න ලැබුණු විදිහට, දැන් පහන්කූඩු තරඟ දිනන අයට පිටරට ගිහින් සාප්පු සවාරි යන්න ගුවන් ටිකට් පතුයි දෙන්නේ. ඉතිං කව්ද අකමැති පිටරට යන්න, ඇරත් ෂොපිං කරන්න. :) ඒ හින්දා දන්න සෙල්ලං ඔක්කොම දානවා එකවෙන්න හිතාගෙන.

මේ කාරණේදි මම මැදහත් කෙනෙක් විදිහට දකින්නේ, බුදුන්ගේ උත්තරීතර තෙමඟුල සිහිපත් කරන එක තෑගිබලාගෙනම නොකරණවනං වඩාත්ම හොඳයි කියලා තමයි. ආමිස පූජාවක නියම ස්වරූපය අපි වටහාගෙන, සුහදව තරඟ වදිමින් වෙසක් කළාප පැවැත්වීමයි ඇත්තටම යුගයේ අවශ්යතාවය වියයුත්තේ. එතුලින් සැබෑ දක්සකං මතුවෙනවා වගේම බුද්ධාලම්භන ප්රීතිය වැඩිකරන්නත් පිටුවහලක් වෙනවා.

පොදුවේ ගත්තම වෙසක් තොරණ ඉදිකිරීම, භක්තිගීත සංදර්ශණ පැවැත්වීම, වෙසක් නාට්ටි රඟ දැක්වීම වගේ දේවල් අදටත් ඉතා උසස්ව කරගෙන යන එක සතුටට කාරණයක්. මම මේ දේවල් කතාකරේ මැදිහත්ව හිතමින් කියන එකනං කියන්නම ඕන. “මේ මනුස්සයා මහා සර්ව අසුබවාදියෙක්” එහෙම කියල ඕං හිතන්න එපා හොඳේ.

මෙදාපාර වෙසක් සිරිය වැඩිකරන්නට වෙසක් කළාප දක්වන දායකත්වය ඉතාමත් අගනා දෙයක් විදිහටයි හැඟීයන්නේ. මෙදාසැරේ වෙසක් බලන්න යනවනං වෙසක් කළාපයකට යන්න අමතක කරන්න එපා හොඳේ.

3 Responses

  1. සියලුම දේවල් වාණිජකරණය වන සමාජ ක්‍රමය තුල ආගම මාර්කට් නොවී ඉතිරි වන්නෙ නෑ. ඒක වෙනස් කිරීම දේශපාලික කටයුත්තක්

  2. අපි ජීවත්වෙන්නේ -ආගම සිට දේශපාලනය දක්වා- සියල්ල ජනමාධය විසින් හසුරුවන කාලයක. මේ විකාරරූපී තත්වයට එරෙහි ව්‍යාපාරයක් බිහිනොවන තත්වයක ක්‍රමයෙන් සියල්ල එහි ගොදුරු බවට පත්වේවී.

  3. සමබර කිමද ඔබ නිහඬ? අපි බලාන ඉන්නවා ඔබ තව හසුරවන තුරු ඔබේ පන්හිඳ

Leave a Reply