ඉකිබිඳියි මතකයන් රහසේ…

සොඳුරු මාවත් ඇවිද ගියතැන් සිත්හි කොනකට තද කරන්…
ගිය මගෙහි ඈ අද ද පියමං කරයි දුක සිර කොට අරන්…
කතා කල දෑ දෙකන රැව්දෙන විටෙක හදවත පාරවන්…
ඇයගෙ මතකය නැවත දිවයයි ඔහුගෙ තුරුලෙහි ඉඩ අරන්…
වසින වැස්සට බොඳව ගිය පොත් මිටිය ලැමඳට තුරුලු කරමින්…
තබයි එක දෙක පියවරක් අද තනිව ගිය සිත කඳුලු සලමින්…
එදා ඔහුගේ තුරුලෙ රැඳෙමින් වදන් තෙපලූ පුංචි [...]

අහිංසක සෙනෙහස..

යන්න පාරක් එන්න පාරක් නොදැන යන දිවි මංපෙතේ…
සොඳුරු මොහොතක හමුවි ඔබ මට පෑ අහිංසක සෙනෙහසේ…
කිසිඳු අඩුවක් දැනුනෙ නෑ හද පිනාගියෙ ඇයි නොමදැනේ…
පිවිතුරුය සිත මහට දුන් ඔබෙ එයයි හද සොරකම් කලේ…
දිවිය සරලව ගතවුනද ආදරය නැත මට ලං වුනේ…
ලංවූ දෙයකින් හද බිඳුන මිස නැතිය ඒ හද පිනවුනේ…
අතීතය මිරිඟුවක් පසුපස ලුහුබඳිනු දුටු පෙර දිනේ…
කෙලෙස අමතක කරන්නද එය නිසා [...]

පන්සිය පනස් ජාතකය දුටු අනාගතය……

මෙපමණයි කියා කියන්න බැරි කාලයක් මම නිහඬව සිටින්නට හේතුවක් හරිහැටි හමුනොවුනත්, ඔන්න ආයෙත් යමක් කල්පනා තුල ලියා යන්නට ගොඩ වැදුනා. ආයෙත් සැරයක් මගේ කල්පනා එලි දක්වන්න ඒවාට අලුත් පනක් ලබල දෙන්න මගේ හිතේ තිබෙන ආසාව නම් මෙපමණයි කියන්නටත් බැරි තරම්. හිතේ ඇතිවෙන සොඳුරු වූත් අව්‍යාජ වූත් කල්පනා ගොන්න කොනක ඉඳන් දිග හරින්නට වගේම ඒ දිග [...]