යන්න පාරක් එන්න පාරක් නොදැන යන දිවි මංපෙතේ…
සොඳුරු මොහොතක හමුවි ඔබ මට පෑ අහිංසක සෙනෙහසේ…
කිසිඳු අඩුවක් දැනුනෙ නෑ හද පිනාගියෙ ඇයි නොමදැනේ…
පිවිතුරුය සිත මහට දුන් ඔබෙ එයයි හද සොරකම් කලේ…
දිවිය සරලව ගතවුනද ආදරය නැත මට ලං වුනේ…
ලංවූ දෙයකින් හද බිඳුන මිස නැතිය ඒ හද පිනවුනේ…
අතීතය මිරිඟුවක් පසුපස ලුහුබඳිනු දුටු පෙර දිනේ…
කෙලෙස අමතක කරන්නද එය නිසා දිවියම නැතිවුනේ…
දයාවක සෙවනැල්ල යට හිඳ ඔබට ඇමතූ මුල් දිනේ…
දැනුනු සිසිලස නැතිය ආයෙත් කිසිඳු හදකින් හමුවුනේ…
අතැර දැමු ඒ අතීතය පොළොවට ම පස්කර විගසිනේ…
පිදුවෙ සිත්මල ඔබේ පාමුල පරව යන්නට පෙර දිනේ…
පරව යන්නේ කෙලෙසකද එය සොඳුරු හදකට හිමි වුනේ…
ආදරය නම් කිමද යන්නට නියම අරුතද හමු වුනේ…
දිවිය දිරියක් කරන්නට ඔබ පෑ සෙනේ මිස අද දිනේ…
කුමක් හදවත ඉතිරි වේවිද ඔබෙ සුවඳ ලෙස හෙට දිනේ…
-සමබර-
Filed under: අල්ප කල්පනා, ආදරය, කාලීන කල්පනා, විරහව, සමු ගැනීම, සෙනෙහස, හමුවීම්, හුදෙකලාව



කාලෙකර පස්සෙ ලියනවා දැක්කෙ . අර පොතේ වැඩේ මොකද?