හදවත සසල කරන්න හේතුවුන ආරංචියක් ගැනයි මේ සටහන තබන්නට සැරසෙන්නේ. මම හිතන්නේ හදවතේ තිබෙන සංවේදීම හැඟීම වන ආදරය වෙනුවෙන් ගැයුන ගීතයන්ට ආදරය කරන ඕනෑම අයෙකුට නම් මම කියන්න යන කාරණයෙහි ආගන්තුක බවක් නැහැ.
ඔහුව අප ආදරයෙන් වැළඳගන්නේ ඇතැම්විට ඔහුගේ නමවත් හරියට නොදැන වුනත් “මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි” යන ගීතයට අප ආදරය කරන හැම මොහොතකම ඒ ආදරය වක්‍රව හිමිවුනේ ඔහුටමයි. ඔහු නමින් මර්වින් ඇලෝසියස් පෙරේරාය. ඔහුගේ සුන්දර ගීතයෙහි නිබඳ රසිකයෙක් වූ නිසාවෙන් ඔහු හට උපහාරයක් ලෙස මගේ හැටවන සටහන මෙලෙස දිග හරින්නම්.
පයාගල ප්‍රදේශය තම ගම්බිම් කරගත් මේ සොඳුරු මිනිසා, සංගීතයේ පහස ලද පවුලක උපන් නිසාවෙන්ම තම ජීවන මාවත සංගීතය තුලින්ම සොයා ගැනීමට සමත් වුණා. තම පියාවූ හර්මන් මාස්ටර් යටතේ තම සංගීත ජීවිතයට අත්පොත් තැබූ ඔහු කල් යත්ම පයාගල දේවමෑණියන්ගේ දේවස්ථානයේ මාස්ටර් තනතුරටද පත්වුනා. එතැනින් නොනැවතුන ඔහු ගුවන් විදුලියට සම්බන්ධවී A ශ්‍රේණියේ ගායකයෙක් ලෙස කටයුතු කරා සේම ඉතාමත් දක්ෂ වයලින් වාදකයෙක් ලෙසද කීර්තියට පත්වුනා. ඉතා දිගුකාලයක් තමා ඉගෙනගත් සංගීතය දරුවන්ට කියාදෙන ආදරණීය ගුරු පියෙක් වන්නටද ඔහුට හැකිවීම, ඇත්තටම ජාතියට ඔහුකල සේවය පිලිබඳව දියහැකි හොඳම නිදසුනක් කිව්වොත් නිවැරදියි.
ඔහුගේ ගීත අතරින් මම වඩාත්ම ප්‍රියකරන ගීත අතරට “මේ නගරය” “මා සනසා” “රන්මීවිත පුරවා” “ඔබ දේදුන්න ආකාසයේ” වැනි සුන්දරම ගීත ගොන්නක් අදටත්, මේ සටහන ලියන මොහොතටත් මාහද රැව් දෙන්නේ ඒවායේ ඇති සොඳුරු බව නිසාමයි. ඔබටත් ඒ දේ එහෙමමයි නේද?
අපේ රටේ තිබෙන සරසවි අතරින් සොඳුරුතම සරසවිය වස්තුබීජ කරගෙන ලියැවුනු “මේ නගරය” ගීතය විශේෂයෙන්ම එම සරසවි සිසුන්ට වගේම එහි දිනක් හෝ ගතකරපු කෙනෙකුටද තම අතීතය මතක් කරදෙන්නේ නෙත් කොනට කඳුලක්ද නංවමින්. සොඳුරු අතීතයෙ නිමල පැතුමවී තමා ලඟ ආදරයෙන් වෙලී සිටි ඔහු හෝ ඇය පිලිබඳ මතකය හදවතට කැඳවා ගෙන එන්නට එම ගීතයේ පද වැල පමණක්ම නොව, ඔහුගේ කට හඬෙහි ඇති ප්‍රතිභාවද එකසේ ඉවහල් වී ඇති බව නම් නොරහසක්.
ඔහු ගැයූ ගීත අතරින් මම වඩාත්ම ආදරය කරන “මා සනසා” ගීතයෙන් කොටසක් මෙලෙස සටහන් කරන ගමන්ම මගේ සටහන මෙතනින් නිමා කරන්නේ අප අතරින් සදහටම වෙන්වන ඔහුට මෙලෙස ප්‍රණාමය පුද කරමින්.
මා ගතකල කෙටි ජීවිත කාලයෙහිදී
ඔබ ගැයූ ගීතයන්ගේ රසයන් විඳීමට හැකිවීමද
රසවත් හැඟුමකින් සිත නිබඳව සරසවයි
ඔබ අප අතරින් වියෝ වුනද
ඔබගේ හඬේ තිබෙන ප්‍රතිභාව
සැමදා අප හදවත් තුලින් ඈත් නොවී සදාකල් පවතිනු ඇත.
ඔබට නිවන් සුව!
මා සනසා..
මා නලවා..
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැඟුම් අයදී..
විතක් මදු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා..
ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා..
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුසුවෙලා..
සිහින ලොවක පාවේ..
සඳුන් සිහිල යාවේ..
මා සනසා..
මා නලවා..
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැඟුම් අයදී..
Filed under: අල්ප කල්පනා, අවසන් සටහන, ආදරය, කාලීන කල්පනා, ගීයක් දිටිමි, විචාර, වියෝව, විරහව, සමු ගැනීම, සෙනෙහස, හමුවීම්, හුදෙකලාව, ළමාවිය



ඇත්තටම මමත් හරිම ආස ගායකයෙක්.. .මේ නගරය… ගිතයට මම හරිම කැමතියි….
i like him 2….
සොදුරු මානව හිකවාදියෙකුගේ මුවින් සහෘද සිත් සතන් අමන්දානන්දයට පත් කිරීමට සමත් වූ සප්ත ස්වරයෙන් අලංකෘත වූ අපූර්ව වූ ගීතයන්ය මා සනසා…. මේ නගරය…. වැනි ගීත.
ආදරය, සෙනෙහස තම් උත්තරීතර මනොභාවයන් වැළදගත් හදවත්වලටල, මර්වින් පෙරේරා නම් නුඹ නොදැනුනා නම් අරුමයකි.
oh i didn’t know he passed away! one of my favorite artists.nice masculine young voice even at old age. and very nice songs, may he attain nirvana.