ගාන්ධි තුමන්ගේ අතීතය වෙන්දේසි කිරීම

නැවතත් වතාවක් සටහනකින් මුණගැහෙන්න ලැබීම ඉතින් මොනතරම් වටින කාරණයක්ද. මේ සටහන ලියන්න තරම් සිතින් දුකට පත් වෙන්න සිදුවීම නම් තරමක අමිහිරි අත්දැකීමක්. කොහොම වුනත් මම මේ කියන්නට යන කාරණය නම් ලෝක අතීතය ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙකුටම වඩාත් සමීප, ඒ වගේම වැදගත් කරුණක් වනවාට කිසිම සැකයක් නැතිතරම්.
පසුගිය දිනෙක මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු මහා වෙන්දේසියක  තොරතුරු පාදක [...]