නැවතත් වතාවක් සටහනකින් මුණගැහෙන්න ලැබීම ඉතින් මොනතරම් වටින කාරණයක්ද. මේ සටහන ලියන්න තරම් සිතින් දුකට පත් වෙන්න සිදුවීම නම් තරමක අමිහිරි අත්දැකීමක්. කොහොම වුනත් මම මේ කියන්නට යන කාරණය නම් ලෝක අතීතය ගැන උනන්දුවක් දක්වන හැමකෙනෙකුටම වඩාත් සමීප, ඒ වගේම වැදගත් කරුණක් වනවාට කිසිම සැකයක් නැතිතරම්.
පසුගිය දිනෙක මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු මහා වෙන්දේසියක තොරතුරු පාදක කරගනිමිනුයි මම මේ සටහනට ප්‍රවේශයක් ලබා ගන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුනු මෙම වෙන්දේසියේ තිබූ භාණ්ඩ අතර, මගේ අවදානය ඇද ගැනීමට සමත් වූ පුදුම සහගත භාණ්ඩ කීපයකුත් අතරින් පතර දකින්නට ලැබුනා.
“මේවා කොහොමද මෙතනට ආවේ” යනුවෙන් මගේ මුවින් වදනක් පිටවුනේ මටම නොදැනීමයි. නිදහස් ඉන්දියාවේ පියා ලෙස සලකන ඒ උත්තරීතර මහත්මා ගාන්ධි තුමන් පරිහරණය කල භාණ්ඩ වලින් බොහෝ වැදගත්වූ භාණ්ඩ කීපයක්ම මේ වෙන්දේසිය සඳහා ඇතුලත්ව තිබුනා. මේ දේවල් මොන ආකාරයකට වෙන්දේසියකට ඇතුලත් වුනේද කියා නිසි වැටහීමක් මට නොතිබුණත්, රටකට නිදහස ලබාදුන් පියෙකු පරිහරණය කල භාණ්ඩ තම මවමෙන් රැක ගැනීම එතුමන්ට දක්වන්නට හැකි ඉහලම ගෞරවය ලෙසයි මගේ හැඟීම.
මීට නොබෝ දිනකට ප්‍රථම ලැබුණු ඉන්දීය සංචාරයක අතරතුරදී, මුම්බායි නුවර පිහිටි ගාන්ධි තුමන්ගේ නිවස නැතිනම් ආශ්‍රමය නැරඹීමට මට අවස්ථාවක් ලැබුණි. එහිදී දැනගන්නට ලැබුණු කරුණු අනුව එතුමන් එංගලන්තයේ බැරිස්ටර් උපාධියක් පවා තිබියදීත්, තම මව්බිම වෙනුවෙන් ඒ හැමදෙයක්ම කැපකරමින් පිරිසිදු නිදහසක් ලබා දීමට දැඩි ලෙස අරගල කර තිබුණි.
එතරම් විශාල මෙහෙයක් කල උත්තමයකුට ඉතා උත්තරීතර ලෙස සැලකිය යුතුය යනවග ඉන්දීයයන්ට අමුතුවෙන් කිවයුතු නැහැ. ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක වටිනාකමක් මෙම භාණ්ඩ සඳහා නියමවී තිබුණා. කොහොම නමුත් වෙන්දේසියේදී එම භාණ්ඩ මිළදීගෙන නැවත සිය රටට භාර දීමට කටයුතු කල විජේ මලයා නම් වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට අප හැමගේ ස්තූතිය ප්‍රණාමය පුදකල යුතුමයි.
තමන් උපන් රටට ජාතියට ආගමට වගේම තමන්ට නිදහස දිනාදුන් වීරවරයින්ටද ආදරය ගෞරවය නොඅඩුව දැක්වීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් ලෙසයි මගේ හැඟීම.
Filed under: අල්ප කල්පනා, ආරම්භය, කාලීන කල්පනා, විචාර


