එදා අගෝස්තු මාසෙ පස් වෙනිදා..සෙංකඩගල ඇසළ මහෝත්සවයේ අති රමණීය ම අංගය වන අවසන් රන්දෝලි පෙරහැර යෙදී තිබුනෙත් එදාටමයි. ඊට පෙර දින දෙක පුරාවට ම මම ගතකලේ කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වෙමිනුයි. සෙංකඩගල ඇසළ පෙරහැරේ අසිරිය දැක බලාගන්නට හිත ඇතුලේ තිබුනු ආසාව නිසාම, පසුදින මහනුවර බලා යන්නට හදිසියේ ම තීරණය කලේ ගෙදර කිසිවකු නොහිතපු ලෙසකටයි. ඒ අය මුලින් එක එක දේවල් පැවසුවත් අවසානයේ දී මට කැමති තීරණයක් ගන්නට ඉඩ දී නිහඬවී බලා සිටියා.
ඔන්න ඔය විදිහට තමයි මම මහනුවර යන්න අවස්ථාව උදා කර ගත්තේ.:)
මහනුවර යන විදිහ ගැන කතා කරන හැමවිට ම වගේ අපේ මුවගට එන්නේ එක වචනයක්. ඒ වෙනකක් නොව “කෝච්චියෙන්” යන්නට වන බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. එහෙම නේද? ඉතින් ඔය විදිහට මමත් කොටුව දුම්රිය ස්ථානයට පියමං කලේ දහවල් 12.40ට මහනුවර බලා යන කෝච්චියට නගින්න හිතාගෙන. එදා මහනුවරට සුවිශේෂ දවසක් වුනු නිසා ම කෝච්චියේ ඉඳගන්නට ඉඩක් නම් ඉතින් හොයා ගන්නට නොහැකි වුනා. ඉතින් මක් කරන්නද? මමත් හරියටම කෝච්චියේ මැද හරියේ තිබුන පෙට්ටියකට ගොඩවුනේ දොර අයිනෙ හිටගෙන හරි යනවා කියලා හිතාගෙන.
ඔන්න ඉතින් අවට සිටින සියලු දෙනා කෝච්චි පෙට්ටි වලට ගාල් කරන අදහසකින් වගේ, කෝච්චිය මහනුවර හා හැටන් බලා පිටත්වෙන බවට වන නිවේදනය භාෂා තුනෙන් ම දැනුම් දෙන්නට වුනා. නිවේදනය ඇසුන ගමන් ම පදිකවේදිකාව මත හිටපු අය එකිනෙකා පොරකමින් කෝච්චි පෙට්ටි වලට ගොඩ වෙන්නට පටන් ගත්තේ හරියට කූඹි ගුලක් ඇවිස්සුන මොහොතක විලසටයි. ඒ විදිහට මම හිටපු පෙට්ටියටත් තරුණයන් කීපදෙනෙක් ඇවිත් ගොඩවුනේ ඇතුල්වෙන පිටවෙන ස්ථානය පවා මුලුමනින් ම වසාගෙන සිටින පරිද්දෙන්.
ඔය අතරේ මඳකට වෙනස් කීපදෙනෙක් හඳුනාගත හැකිවුනත් ඒ අය අතරෙනුත් දෙන්නෙක් සුවිශේෂ වුනා. සමහර වෙලාවට ඔයා හිතනවා ඇති මොකක් ගැන කියන්නද මම මෙතරම් දුරක් යන්නේ කියලා. ඇත්තෙන් ම ඉහත සඳහන් කල පුද්ගලයින් දෙදෙනා නිසා ම තමයි මම මේ සටහන ලියන එක කාලෝචිතයි කියලා තීරණයකට එළඹුනේ.
තවත් ඉතින් අටුවා ටීකා මොකටද මම සටහනට මෙහෙම ප්‍රවේශයක් ගන්නම්, කවර ස්ථානයකදී හරි ඔබ තරුණයෙක් සමඟ තරුණියක් සමීපව සිටිනවා දැකීමෙන් පුදුමයට පත්වෙනවාද? කොහෙත් ම නැහැ නේද? ඒ මක් නිසාද කිව්වොත් ඒ දේ තුල අස්වාභාවිකත්වයක් නොදකින නිසා වෙන්න පුලුවන් නේද? නමුත් තරුණයන් ම දෙදෙනෙක් එකි නෙකාට අතීශය සමීපව සිටිනවා දැකීම මට වගේ ම ඔබටත් සෑහෙන තරමක නුහුරු අත්දැකීමක් වෙනවාට කිසිම සැකයක් නැහැ.
ඉතින් මම මෙපමණ දුරක් මේ සටහන රැගෙන ආවේ සමාජයේ සිටින සම්මත නොවූ ඒක පාර්ශවික ආදරවන්තයන් වන සමලිංගිකයන් ගැන මගේ කෝණයෙන් දුටු ආකාරය ගැන සටහනක් ඔබ හමුවට ගෙනෙන්නටයි.
ඉතින් කෝච්චිය ඉදිරියට ඇදෙන්නට වුන හේතුවෙන් මම අසල තිබුනු බාරයක එල්ලුනේ එළියට විසිවෙයි කියන බය සිත තුල පැල පදියම් ව තිබූ නිසාමයි. ඉතින් ඔය අතරේ හැමෝටම දැනෙන විදිහට එකිනෙකා හා වෙලී සිටි තරුණයන් දෙදෙනා දෙසත් කාගේත් නෙත් ටිකෙන් ටික යොමු වෙන්නට වුනා. ඔවුන් ඔවුන්ගේ ලෝකයක අතරමං වී සිටි හේතුවෙන්ද කොහෙද අවට ජනතාව තමන් දෙස බලන බව ඔවුන් ට වැටහුනේ නැතුව ඇතැයි මට හැඟී ගියේ මගේ සිත තුල මහත් ලැජ්ජාවක් වගේ ම හිරිකිතයක් ද ඇති කරමින්.
“මුන්ට අම්මපා ලැජ්ජාවක් නැති හැටි” කියලා හිත යටින් බනින ගමන් මම අහක බලා ගත්තේ විශාල වෛරයක් ද සිත තුල තෙරප ගනිමින්මයි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සුදු හීන්දෑරි පුද්ගලයෙක් වූ අතර අනෙකා තලෙලු තරමක් උසෙන් අඩු පුද්ගලයෙක් වුනා. ඔවුන් දෙදෙනා තුලත් ගැහැණු චරිතයක් වගේ ම පිරිමි චරිතයකුත් වෙන් වෙන්ව හඳුනා ගත හැකිවූ අතර භාව ප්‍රකාශණ, අංග චලන මඟින් සිය අදහස් එකිනෙකා අතර බෙදා ගැනීමකුත් දක්නට ලැබුනා. මේ විදිහට මේ නිර්ලජ්ජී තරුණයන් දෙදෙනාගේ රැඟුමන් එන්න එන්නම උත්සන්න වෙන්නට පටන්ගත්තේ බොහෝ අය තුල කෝපය වඩ වඩාත් උග්‍රකරමිනුයි.
කොහොම වුනත් මේ රංගනය මීරිගම දුම්රිය ස්ථානය දක්වා එක දිගටම පැවතී අවසානයක් දුටුවේ කාගේත් සිත් තුල සැහැල්ලුවක් ඇතිකරමිනුයි. මෙවන් අසම්මත අස්වාභාවික ක්‍රියා ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිවිටෙක අනුමත නොකරන දේවල් වන අතර ම, මෙවන් අය මව්වරුන්ගේ උතුම් වූ කුසයන් තුලින් බිහිවූ අයමදැයි සැකයක් සිත තුල ඉතිරි කරයි.
ඔවුන් තුලින් ඉදිරිපත් කෙරුණු හිරිකිත රංගනය දෙස බලාසිටි ජනතාව කෙතරම් ඒ දේ අප්‍රිය කරේද යන වග තුලින් අප තුල ඉතිරිව ඇති සාරධර්ම ගැන සුබවාදී පැත්තක් පිළිඹිඹු වුනු හැටි සතුටට කරුණක්.
විදෙස් තුල සුලභ මෙවන් විසම ක්‍රියා හැකිතරම් අපේ පුංචි දිවයින තුල ව්‍යාප්ත නොවන තැනකට වග බලා ගැනීමට ඔබට මට වගේම මුලු සමාජයට ම ඇත්තේ විශාල වගකීමක්, එහෙම නේද? අපි සැම නොපිරිහෙලා ඒ වගකීම ඉටුකරමු!
Filed under: කාලීන කල්පනා, විචාර



excuse me for typing in english. althought it is not accepatable for them to misbeheave in public being gay is neither a crime or a disease. and in present day even a term disorder is not used. as i am aware it is not by their choice,rather a natural occurence. so we as a society should leave them alone to their bussiness as we have no right to interfere with their lives. but as i said earlier there is no excuse for them to misbeheave in public
thank you
ඇත්තෙන් ම ඔබ පවසන අදහසට මමත් එකඟ වෙනවා…මෙතෙක් කල් අප රට තුල පවා මෙවන් උදවිය සිටි බව රහසකුත් නෙවෙයි…නමුත් විසම ක්‍රියාවක් අමු අමුවේ නින්දිත විදිහට පැවැත්වූ හේතුව තමයි මාව මේ සටහන ලියන්න පෙළඹවූවේ..ඔබ පැවසූ පරිද්දෙන් ඔවුන් එයට ඇබ්බැහිවූ අය නොව ඔවුන්ට එය අත්වූ ඉරනමක් බව සත්‍යයි. නමුත් මෙවන් හැසිරීම් කොහෙත්ම අනුමත කල නොහැකියි…But some of them are not naturally gay. They have converted due to certain reasons like, money, pleasure and foreign influence….Thanks for ur comment!
අනේ මලයෝ ඕවා මොනවද, ඇයි අපි බෙල්ලෙන් අල්ලන්න තියෙද්දි වල්ගෙන් අල්ලන්නේ. අපේ රටේ මීට කලින් නල් චිතුපට තිබුනද. කාමුක වෙලද දැන්වීම් තිබුනද, ටීවී එකෙන් බණ අහන්න සැලැස්සුවේ අපිද. සම්මා දිඨටියක් ඍජුපටිපන්න ගුණයෙනුත් පරතෙරට පැමිනි ජාතියක් අපි. වල්ගෙන් නොව බෙල්ලෙන් අල්ලා ගමු.