අමුඩ ලේන්සුවෙන් ඩෙනිම් කලිසමට….

පොඩිඑකෙක්, අඟුරු කෑල්ලක්, රුපියල් විස්සේ නෝට්ටු තුනක් එකතු වෙලා නිමේෂයකින් මගේ ඇස් දෙක සිසාරා මවපු දසුන තුල ගැබ්වුනු අහිංසක ගැමි සුවඳක් හිමින් සීරුවේ නාස් පුඩු සිපගෙන ඇදී ගියා. කල්පනාවන් කලඹවන ඊට එහාගිය හැඟීමක් සිතට නැගෙන තරමට ම මේ පොඩිඑකාගේ අකුරු සාස්තරේ දුරුවල නිසා වෙන්න යනදේ හිතාගන්න තරමක් අමාරු උනා. බාප්පා යයි කියාගන්නා අයෙක් සල්ලි නෝට්ටු [...]

සටහනක සිරවුණු සරල ජීවිතයක්

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ. මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ [...]

කාලෙකට පස්සේ…

ඔන්න දැන්තමයි පොඩිපහේ විවේකයක් ලැබුනේ යමක් සටහන් කරන්නට. ගතවුනු සති කීපයම විවිධ වැඩ වලට වෙන්වුන නිසා කිසිම දෙයක් සටහන් කරන්න බැරිවුනා. මම නොලිව්වත් හැම දවසකම වගේ ඇවිත් බලලා ගියා. මම එක්ක දිගටම හිටියට ඔයාට ස්තූතියි. මම මගේම කියලා පොතක් එළිදක්වන බලාපොරොත්තුවෙන් ටික ටික ලියමින් ඉන්න කාරණයත් මේ නිහැඬියාවට එක හේතුවක්. ඒ වගේම ගතවුනු කාලය පුරාවටම [...]

සාංවත්සරික සටහන

සිංහල යුනිකේත වලින් ලියන බ්ලොග් කියවන්න මම පෙළඹුනේ කොළඹ සරසවියේ ඉගෙනගන්න ලැබුනු කාලේ ඉඳලයි. සිංහල යුනිකේත සම්බන්ධ කරගෙන MYSQL Database සකසන හැටි වගේම system development සඳහා ඒවා යොදාගැනීම් ගැනත් විශේෂ පුහුනුවක් ලැබුවා ඒ කාලේ. ඉතින් ඔහොම කියවන අතරේ මටත් මගේම කියලා වෙබ් අඩවියක් පටන්ගන්න ඕන කියලා පොඩි අදහසක් ආවා. ඒ වෙනකොටත් මම දැනට කරන රස්සාවට [...]

Follow

Get every new post delivered to your Inbox.