වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම

මගේ මිතුරු මිතුරියන් මාත් එක්ක දිගටම ඉන්න එක මට ලොකු ශක්තියක් කිව්වොත් නිවැරදියි. ගතවුනු දින සියල්ලම පාහේ ගතවුනේ හරිම සැහැල්ලුවෙන් නම් නෙවෙයි. විභාග අධ්‍යාපන කටයුතු හැරුණම විවිධ දේවල් ජීවිතයට ආවේ හරියට සුළි සුළඟක් විදිහට කිව්වොත් ඒකේ සැබෑවක් නැත්තෙම නැති තරම්. ඒත් ජීවිතය සරලව ගතකරන්න තියනවනම් කොපමන අගේද කියලත් හිතෙනවා වෙලාවකට. කොහොම වුනත් මට “කල්පනා” ලියන [...]

සටහනක සිරවුණු සරල ජීවිතයක්

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.
මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම [...]

කළාපයකදී දුටු ආමිස පූජාව

කළාපයක් කිව්වහම ඉතින් අපිට නුහුරු වචනයක් නෙවෙයිනේ. විවුර්ත ආර්ථිකයත් එක්කම, නිදහස් වෙළඳකළාප බිහිවුනේ අපි පුංචි කාලෙදිමයි. නිදහස් වෙළඳ ප්රතිපත්තියට පස්සේ ලංකාවට ගාමන්ට් සංස්කෘතියේ ආබාසය ලැබුනේ, ගම්වල හිටපු තරුණ තරුණියන්ට රැකියා දොරටු විවෘත්ත කරන ගමන්මයි. පස්සේ ඒතුලින් හොඳ වගේම නරකකුත් සිදුවුණා කිව්වොත් ඔයා මං එක්ක එකඟවෙයි.
ඒ දේවල් කොහොම වුනත් මම දැන් කියන්න යන්නේ වෙළඳ කළාපයක් ගැනනං [...]

සාංවත්සරික සටහන

සිංහල යුනිකේත වලින් ලියන බ්ලොග් කියවන්න මම පෙළඹුනේ කොළඹ සරසවියේ ඉගෙනගන්න ලැබුනු කාලේ ඉඳලයි. සිංහල යුනිකේත සම්බන්ධ කරගෙන MYSQL Database සකසන හැටි වගේම system development සඳහා ඒවා යොදාගැනීම් ගැනත් විශේෂ පුහුනුවක් ලැබුවා ඒ කාලේ.
ඉතින් ඔහොම කියවන අතරේ මටත් මගේම කියලා වෙබ් අඩවියක් පටන්ගන්න ඕන කියලා පොඩි අදහසක් ආවා. ඒ වෙනකොටත් මම දැනට කරන රස්සාවට සම්බන්ධ [...]