නිහඬ බව බිඳ..

නිහඬ බව බිඳ..
පන්හිඳ නැවතත් ජීවය ලබයි
මඳක් කාර්යබහුලයි
හෙට සිට හමුවෙන්නට එන්නම්
මා එනතුරු ඔබ හිඳියි නම්
“මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලඟ නතර වුනේ…”

සඳකැන් වැසුනු රාත්රියක හදවතට ගී ගැයූ සොඳුරුතමයා

සොඳුරු ස්වභාවික ගීතාවලියක් ගැන අපි කතාකරන වෙලාවක මතක් නොකරම බැරි සංගීතවේදියෙකු ගැනයි මේ සටහන.
සඳකැන් වැසී අඳුරේ එතුණු රාත්රියක්, ගීයක ඇති සොබා සුන්දරත්වය නැමැති පහන් එලියෙන් එකලු කරනට සමත් ඔහු, මා වඩාත් ම ඇලුම් කරන සංගීත වේදියාද වෙයි.
පුරා පන්සාලිස් වසරක සංගීත දිවිය සම්පූර්ණ කල ඔහු නමින් වික්ටර් රත්නායකයන් ය.
ආදරයේ ඇති අපට නොපෙනෙන නොහැඟෙන තරමේ සියුම් වගේම [...]

“ඔබයි රම්ය සඳකිරණ ඝන අන්ධකාරේ”

ඊයේ මා විසින් සටහන් කල වෛරය පිලිබඳවූ සිතුවිලි ඔබට මතක ඇති. ඔබ යම්තාක් දුරකට ඒවා රසවිඳින්නට ඇතැයි විශ්වාස කරමි.
අද මට මඳකට ආදරය පිලිබඳව සටහන් කිරීමට සිත්වූ නිසාම ගුවන්විදුලියේ ඇසුණු ගීයක් පාදක කර ගතිමි.
“ඔබයි රම්ය සඳකිරණ ඝන අන්ධකාරේ,
ඔබයි සවුම්ය තරු එළිය ගිම්හාන කාලේ”
නන්දා මාලිනිය එසේ ගයද්දී මාහට හැඟුණු කාරණාව නම්, විටෙක ආදරයත් විටෙක විරහවත් යන දෙකම [...]

“හදරැඳි ඔබ රුව සිහිනෙකවත් නැත”

සිහිනයක් වනාහී යමෙකුගේ සිතේ ඇතිවන සිතුවිලි යම් ආකාරයකින් අවදි වන නිමේශයකැයි කිවතොත් ඔබ එකඟ වේවි. සිහිනද සුභ සහ නරක ලෙස ප්රභේද කීපයකට බෙදා වෙන්කර දැක්විය හැක.
සුභ සිහිනයක ගිලී අසමසම රසයක දැහැන්ගතවූ කල රාත්රිය ගෙවී උදෑසන උදානොවන්නේ නම් කෙතරම් අගනේදැයි සිතේ. භද්ර යව්වන වියේ පසුවන්නන් බොහෝවිට දකිණුයේ තම පෙම්බර විරුද්ධ ලිංගිකයා සමඟ සුවයෙන් ගත කරන නිමේෂයන් [...]