සටහනක සිරවුණු සරල ජීවිතයක්

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.
මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම [...]

කුඩ ඇත්තවුන් අතර කුඩයක් නැත්තෙකු වී……..

මඳක් වැහිබර උදෑසනක්.
හදිසියේම මාහට පිටකොටුව බෝධිය අසලින් යෑමට සිදුවිය.
සේවා ස්ථාන කරා වැස්සට යටින් කඩිමුඩියේ ඉගිලී යන පිරිස් විවිධ පැති වලින් මා පසුකර ඉදිරියට ඇදෙති. සෑම කෙනෙකුම ඉසලාගත් කුඩ අතැතිව යන බවක් පෙනේ. පිරිස් එසේ ඉදිරියට ඇදෙද්දී මමද ඔවුන් සමඟම ඒ ගමනට එක්වූයේ මඳක් ප්රමාද වන අයුරක් දැනුණු හෙයිනි.
කෙසේ නමුත් පසෙකටවී බලා හිඳින්නකුට නම් දිස්වන්නේ එකම [...]