සටහනක සිරවුණු සරල ජීවිතයක්

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.
මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම [...]

“ඔබයි රම්ය සඳකිරණ ඝන අන්ධකාරේ”

ඊයේ මා විසින් සටහන් කල වෛරය පිලිබඳවූ සිතුවිලි ඔබට මතක ඇති. ඔබ යම්තාක් දුරකට ඒවා රසවිඳින්නට ඇතැයි විශ්වාස කරමි.
අද මට මඳකට ආදරය පිලිබඳව සටහන් කිරීමට සිත්වූ නිසාම ගුවන්විදුලියේ ඇසුණු ගීයක් පාදක කර ගතිමි.
“ඔබයි රම්ය සඳකිරණ ඝන අන්ධකාරේ,
ඔබයි සවුම්ය තරු එළිය ගිම්හාන කාලේ”
නන්දා මාලිනිය එසේ ගයද්දී මාහට හැඟුණු කාරණාව නම්, විටෙක ආදරයත් විටෙක විරහවත් යන දෙකම [...]

රැයද සොඳුරුය

අඳුර ලොව ගිලගන්නා පාලු රැයක ජනෙල් කවුලුව අසලටවී මාගේ
සටහන ඇරඹීමි.
දිගින් දිගටම ලියූ සටහන් මත ඔබමොබ යමින් බලන කල්හි ඈතින් ඇසෙන බකමූණෙකුගේ විලාපය වෙත මාගේ සිත ඇදීගියේ මටද නොදැනිමය.
සංගීතයේ අපූර්වත්වය කැටිවූ එම නාදයේ තිබේයයි පවසන මූසල භාවය කොහිදෝ කියා වරෙක මට සිතුණි. බකමූණා එලෙස විලාප දෙද්දී රැහැයියන් ඊට සපයන තාලයද ඈතින් ඇසෙන්නට විය.
පෙනෙන තෙක් මානයේ පැතිරෙන [...]