මා..සනසා මා..නලවා බැසගිය සොඳුරු ගීයක හිරු කිරණ…

හදවත සසල කරන්න හේතුවුන ආරංචියක් ගැනයි මේ සටහන තබන්නට සැරසෙන්නේ. මම හිතන්නේ හදවතේ තිබෙන සංවේදීම හැඟීම වන ආදරය වෙනුවෙන් ගැයුන ගීතයන්ට ආදරය කරන ඕනෑම අයෙකුට නම් මම කියන්න යන කාරණයෙහි ආගන්තුක බවක් නැහැ.
ඔහුව අප ආදරයෙන් වැළඳගන්නේ ඇතැම්විට ඔහුගේ නමවත් හරියට නොදැන වුනත් “මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි” යන ගීතයට අප ආදරය කරන හැම [...]

ඉකිබිඳියි මතකයන් රහසේ…

සොඳුරු මාවත් ඇවිද ගියතැන් සිත්හි කොනකට තද කරන්…
ගිය මගෙහි ඈ අද ද පියමං කරයි දුක සිර කොට අරන්…
කතා කල දෑ දෙකන රැව්දෙන විටෙක හදවත පාරවන්…
ඇයගෙ මතකය නැවත දිවයයි ඔහුගෙ තුරුලෙහි ඉඩ අරන්…
වසින වැස්සට බොඳව ගිය පොත් මිටිය ලැමඳට තුරුලු කරමින්…
තබයි එක දෙක පියවරක් අද තනිව ගිය සිත කඳුලු සලමින්…
එදා ඔහුගේ තුරුලෙ රැඳෙමින් වදන් තෙපලූ පුංචි [...]

ඔහු නිහඬවී මාසයයි

තරුණ සිතුවිලි, වෙලාවකට මොලොක්වද වෙලාවකට රලුවද ඉදිරිපත් කරන අපූරු කොලුගැටයෙක්, බ්ලොග් අවකාශයේ ඉඳිද්දී මට හමුවුණා. ඒ මීට ටික කාලෙකට ඉස්සර. සිංහලෙන් වගේම ඉංග්රීසියෙන්ද එකවගේ ථල කිරීම් රාශියක් ඔහුගේ බ්ලොග් අඩවියේ ඇතුලත්වුණා. ඉතින් මමත් ලියන්න ඕන කියලා හිතන්න පටන්ගත්ත කාලේ වෙනකොටත්, ඔහු දිගට හරහට බ්ලොග් ලියන හොඳ රචකයෙක්.
නමුත් රටේ අවාසනාවක මහත කියන්නේ දක්ෂයෙක්ට වැඩිකල් දඟලන්න හම්බවෙන්නේ [...]

සදාකාලික නොවූ ලෝකෙක, සදාකාලික ප්රේමයක්…

පොඩිකාලේ මාව බලාගත්ත ආච්චි කෙනෙක්ගේ අවසන් කටයුතුවලට ගිය සතියේ සහභාගීවෙන්න ලැබුනා. මරණ ගෙදර හිටපු අයගෙන් සෑහෙන ප්රමාණයක්ම, මේ ආච්චි බලා හදාගත්ත අය කියලා එයාලා කතාකරපු විදිහෙන්ම මට තේරුණා. සුදුම සුදු ලස්සන ආච්චි කෙනෙක් වෙච්ච කන්නන්ගර ආච්චි, ජීවිතෙන් සමුගන්න ලංවෙලා හිටිය කාලෙදිත් නිරෝගීව හිටපු බව හැමෝම කතාවුන දෙයක්.
රෝයල් නේවි එකේ සේවය කරපු කපිතාන්වරයකුගේ වැඩිමහල් දියණිය වුන [...]