සටහනක සිරවුණු සරල ජීවිතයක්

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.
මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම [...]

සදාකාලික නොවූ ලෝකෙක, සදාකාලික ප්රේමයක්…

පොඩිකාලේ මාව බලාගත්ත ආච්චි කෙනෙක්ගේ අවසන් කටයුතුවලට ගිය සතියේ සහභාගීවෙන්න ලැබුනා. මරණ ගෙදර හිටපු අයගෙන් සෑහෙන ප්රමාණයක්ම, මේ ආච්චි බලා හදාගත්ත අය කියලා එයාලා කතාකරපු විදිහෙන්ම මට තේරුණා. සුදුම සුදු ලස්සන ආච්චි කෙනෙක් වෙච්ච කන්නන්ගර ආච්චි, ජීවිතෙන් සමුගන්න ලංවෙලා හිටිය කාලෙදිත් නිරෝගීව හිටපු බව හැමෝම කතාවුන දෙයක්.
රෝයල් නේවි එකේ සේවය කරපු කපිතාන්වරයකුගේ වැඩිමහල් දියණිය වුන [...]

මිහිතලය සතුන්ට හිමි නැත්ද?

දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන කතාව අද ඊයෙක ඉඳන් අපි අහන කතාවක් නෙවෙයිනේ. ඈත අතීතයේ ඉඳන්ම සත්තු දඩයම් කරන එක නිකං හරිම වීර, අපේ වචනෙන් කියනවනං “ජොලි” වැඩක් විදියටයි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. කොටින්ම කියනවනං මිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට බුදුදහම අරගෙන වැඩම කරන වෙලාවෙත් දේවානම්පියතිස්ස රජතුමා හිටියේ මුවෙක් පස්සේ එලවන ගමන්නේ. ඉතින් මට වෙලාවකට හිතෙන දෙයක් [...]