Posted on June 24, 2008 by සමබර
මගේ මිතුරු මිතුරියන් මාත් එක්ක දිගටම ඉන්න එක මට ලොකු ශක්තියක් කිව්වොත් නිවැරදියි. ගතවුනු දින සියල්ලම පාහේ ගතවුනේ හරිම සැහැල්ලුවෙන් නම් නෙවෙයි. විභාග අධ්‍යාපන කටයුතු හැරුණම විවිධ දේවල් ජීවිතයට ආවේ හරියට සුළි සුළඟක් විදිහට කිව්වොත් ඒකේ සැබෑවක් නැත්තෙම නැති තරම්. ඒත් ජීවිතය සරලව ගතකරන්න තියනවනම් කොපමන අගේද කියලත් හිතෙනවා වෙලාවකට. කොහොම වුනත් මට “කල්පනා” ලියන [...]
Filed under: අල්ප කල්පනා, ආරම්භය, කාලීන කල්පනා, විචාර, හමුවීම්, හුදෙකලාව | 2 Comments »
Posted on June 11, 2008 by සමබර
කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.
මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම [...]
Filed under: අම්මා වූ කලි, අල්ප කල්පනා, ආදරය, කාලීන කල්පනා, දිළිඳු බව, නිශා යාමය, විචාර, විරහව, වෙසක්, සොබාදහම, හමුවීම්, හුදෙකලාව, ළමාවිය | 3 Comments »
Posted on June 5, 2008 by සමබර
නිහඬ බව බිඳ..
පන්හිඳ නැවතත් ජීවය ලබයි
මඳක් කාර්යබහුලයි
හෙට සිට හමුවෙන්නට එන්නම්
මා එනතුරු ඔබ හිඳියි නම්
“මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලඟ නතර වුනේ…”
Filed under: ආරම්භය, ගීයක් දිටිමි, හමුවීම් | 1 Comment »
Posted on May 2, 2008 by සමබර
නගරේ පිපෙන මලක සුවඳ බලන අපි හැමෝම කැලේ පිපෙන මලක සුවඳ අමතක කරන එක දැන් දැන් සාමාන්ය දෙයක්. දෛවය ගෙනයන පැත්තට අපිත් යනවා විනා අවදානමක් අරගෙන දෛවයේ සරදම් ලබපුවුන් දිහා නොබලන එක හරිම පවක් විදිහටයි මට හිතෙන්නේ. කසාදයක් බැඳලා දරුවො ඉන්න කාලෙක තමන් ඉගෙනගත් පාසලට කඩිමුඩියේ දුවන්නේ එකපාරටම හිතේ ඇතිවෙච්චි භක්තියකින් නම් නොවෙනබව ශුවර්.
ඉක්මනට ගිහින් [...]
Filed under: ආධාර උපකාර, කාලීන කල්පනා, විචාර, හමුවීම්, ළමාවිය | No Comments »